දිනෙන් දින ඉහළ යන පාතාල ඝාතන පසුපස ආරක්ෂක අංශ නම් ගම් රැසක්

දිනෙන් දින ඉහළ යන පාතාල ඝාතන පසුපස ආරක්ෂක අංශ නම් ගම් රැසක්

රට තුළ සිදුවුණු වෙඩි තැබීම්, ඝාතනය කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාලයට ඍජුව සම්බන්ධ ආරක්ෂක අංශයේ සාමාජිකයන් රැසකගේ නම් ගම් පොලිසියට අනාවරණ වී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය, බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව වෙන වෙනම අභ්‍යන්තරික පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පොලිසිය සිද්ධිවලට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි සඳහන් කළේය. වෙඩික්කරුවන් ලෙස සහභාගිවීම, රාජකාරි ගිනිඅවි පාතාලයට ලබාදීම, ගිනිඅවි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී චෝදනා ඔවුන්ට එල්ලවී ඇති අතර, විමර්ශන අවසන් වූ වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන්, යුද හමුදාවෙන් ආයුධ පැන්නීම් සිදුකළ සහ එල්ටීටීඊ සංවිධානයෙන් රජයට බාරදුන් ගිනිඅවි කඳවුරුවලින් පැන්නීම් සිදුකළ තවත් කිහිප දෙනකු අනාවරණ වී ඇතැයි හෙතෙම කීය. මෑතක සිදුවූ අපරාධ රැසකට තොරතුරු ලබාදීම සම්බන්ධවත් ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

Search