ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (15දා) ප්‍රකාශයට පත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාව රුපියල සුළු වශයෙන් පිරිහීමට ලක්ව ඇත.
මේ අනුව පෙරේදා (14දා) රු. 304.68 ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (15දා) දිනයේ දී රු. 304.86 ක් දක්වා වැඩි වී ඇත.
එසේම ඇමෙරිකානු ඩොලරයක පෙරේදා (14දා) වාර්තා වූ රු. 297.18 ක් වූ ගැනුම් අගය ද ඊයේ (15දා) දිනයේදී රු. 297.34ක් දක්වා වර්ධනය වී ඇත
pm