රටට බත සපයන ගොවියා වලපල්ලට ඇද වැටෙද්දි ආණ්ඩුවෙන් කංසා වගාවට අතහිත - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටට බත සපයන ගොවියා වලපල්ලට ඇද වැටෙද්දි ආණ්ඩුවෙන් කංසා වගාවට අතහිත - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බලශක්ති හා ඛනිජ තෙල් ඇමතිවරයා විසින් ඡන්ද කාලේ කිව්ව දේවල් එකක් සහ බලයට පැමිණි පසු ඒවා කරන්න බැහැ යැයි ප්‍රකාශ කළ බවත් මේ අය ජනතාවට බිය නැතිව ලැජ්ජා නැතිව මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත් තෙල්වලට ගහන විශේෂ බද්දක් වන රු.50 ඉවත් කර තෙල් මිල අඩු කරනවා කියා මේ රජය කියූවත් දැන් බිලියන 884ක් ණය ගෙවීමට ඇති බවත් ඒවා ගෙන්න භාණ්ඩාගාරයට බාර ගෙන ඇති බවත් එම නිසා ඩීසල් හා පෙට්‍රල්වලින් රු.50 ගානේ බදු අය කරන බවට විෂයභාර අමාත්‍යවරයා පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්ද කාලේ වරායේ ගොඩබාන මිලටම තෙල් ටික දෙන බවට පැවසුවත් රජයට ඒ කිසිවක් කළ නොහැකි වී ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන විට ප්‍රේමදාස සුද්දියන්ට රට ඇදුම් මහනවා කියා රජයේ එවක නායකයෝ කිව්වත් අද විදේශීය ආයෝජකයන් 7 දෙනකුට කංසා වගා කරන්න මේ ආයෝජකයෝ අවසර දී ඇති බවත් එදා නිෂ්පාදන කර්මාන්තයක් ලෙස ඇගලුම් කර්මාන්තය දියුණු කළත් අද වන විට ගංජා වගාවට අක්කර 64ක් ව්‍යාපෘති 7ක් යටතේ වෙන්කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල Grand Peral Resort හි, සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය.*

මේ වන විට ගොවිජනතාව අනාථ වී ඇති බවත් දේපල කණකර උගස් කර ගොවිතැන් කළත් වගාවට නිසි මිලක් නොලැබෙන බවත් මේ මොහොත වන විට වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ අර්තපල් ගොවියන් අසහනයට පත්ව ඇති බවත් ඔවුන්ගේ නිෂ්පාදනවලට ස්ථාවර මිලක් නොමැති බවත් මොනරාගල ප්‍රදේශයේ පැලවත්ත සෙවනගල සීනි කර්මාන්තශාලා මූල්‍ය අර්බුධයකට ලක්ව පරිහානයට ලක්වන බවත් මේ රටේ සිස්ටම් චේන්ජ් එක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ හිගයක් පවතිනවා*

ගැබිණි මව්වරුන්ට සිදු කරන සිසේරියන් ශල්‍ය කර්මය ක්‍රියාත්මක කරන්න බරපතල ගැටලු නිර්මාණය වී ඇති බවත් නිර්වින්දනය කළ පසු ඇති වන සංකූලතා මගහරවා ගැනීමට ඇති බෙහෙත් වර්ග හිගයක් ඇති බවත් මේ සංකූලතා සමනය කරන්න ලබා දෙන වැදගත් ඖෂධ අද රටේ හිගයක් වී ඇති බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩු බලය ගන්නා විට ඖෂධ හිගයට තිරසර ස්ථිරසාර විසඳුම් ලබා දෙන පැවසුවත් අද වන විට නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය කඩාවැටෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව සමග එකට සිටගෙන සිතුම් පැතුම් අවබෝධ කර ගෙන ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවාව අප කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය

Search