ජාතික ආරක්ෂාව බින්දුවටම වැටේ... ඊයෙත් හංවැල්ලේ වෙඩි තැබීමක්

ජාතික ආරක්ෂාව බින්දුවටම වැටේ... ඊයෙත් හංවැල්ලේ වෙඩි තැබීමක්

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේදී ඊයෙත් වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිසිය සඳහන් කළේ, සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවත් ඔහු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් ය.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

තුවාලකරු වයස අවුරුදු 55 ක් පමණ වන තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායමක් කිහිපයක් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි

Search