විපක්‍ෂය එකමුතු කර බලය අල්ලන්න ජී.එල් පක්ෂ එකතු කරයි

 විපක්‍ෂය එකමුතු කර බලය අල්ලන්න ජී.එල් පක්ෂ එකතු කරයි

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් ඇති කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (14 දා) පැවැත්වීමට විපක්ෂය සැලසුම් කර තිබේ.

එම සාකච්ඡාව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව දෙවැනි දිනයට පැවැත්වෙන අතර පසුගිය සිකුරාදා එහි පළමු සාකච්ඡාව පවත්වා ඇත.

වත්මන් ආණ්ඩුවට අභියෝග කිරීමේ අරමුණින් විපක්ෂයේ එකමුතුවක් ඇති කර සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡා සිදු කරන බව විපක්ෂ මන්ත්‍රීවරයෙක් පැවසීය.

මේ අතර අද සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගිත්වයෙන් පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස්වීමට ද නියමිතය. ඊට අමතරව එම පක්ෂය සමග සිටින අනෙක් පක්ෂ නායකයන් සමග ද අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය

Search