සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අඹමල් රේනුවක හැගීමක් නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අඹමල් රේනුවක හැගීමක් නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක් අක්‍රීය වී මාස 4ක් වුවත් අලුත්වැඩියා කර නොමැති බවත් දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණි නිසා එහි ක්‍රියාකාරීත්වය ද අවිනිශ්චිත බවත් නිෂ්පාදන අංශයේ රික්ත උදුන් 4න් 2ක් ඉවත් කිරීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වී ඇති බවත් යන්ත්‍ර සූත්‍ර අක්‍රීය වූ පසු ඒවා අලුත්වැඩියා කර භාවිතයට නොගන්නා බවත් මේ මොහොත වන විට නිෂ්පාදනය කරන සීනි සහ එතනෝල් විකුණාගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


මෙවැනි තත්ත්වයක් තුළ සෙවනගල සහ පැල්වත්තේ සේවය කරන සියලු දෙනාම ගොවි ජනතාව වෙනුවෙන් වැඩිම හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් දැනට ඇති එකම හඬ සමගි ජන බලවේගයේ හඬ බවත් වොයිස්කට් දේශපාලනය නොකර අවංකවම දුක කදුල වේදනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගෙන ප්‍රශ්න හඳුනා ගෙන ඇති මුත් වත්මන් රජයට මේවා ඉදිරිපත් කරන විට ඒවා ගණන් නොගන්නා බවත් වත්මන් රජයට දැන් ගොවියාගේ කම්කරුවාගේ දුක කදුල වේදනාව නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලිමට ගිය ගමනේදීය.*

මේ වන විට සෙවනගල ගොවියන්ට රු. ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත් අර්ථසාධක ලෙස රු. ලක්ෂ 150ක් සැපයුම් කරුවන්ට රු. ලක්ෂ 1000ක් හා වැට් බදු රු. ලක්ෂ 4000ක් ගෙවිමට ඇති බවත් සේවකයන් 1400කට ආසන්න ප්‍රමාණයක් සහ ගොවි ජනතාව 4500ක් සිටින මුත් මේ අය ගැන අඹමල් රේනුවක හැගීමක් රජයට නොමැති බවත් විෂය බාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිට බොරු කිය කිය පච දේශපාලනය නොකර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩල සමග සෙවනගල සහ පැල්වත්තට විත් ඡංගම සේවාවක් පවත්වා මේ ගැටලුවලට විසඳුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රමුඛ සමගි ජන බලවේග පළාතා හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය විසින් මේ ගැටලුවලට විසඳුම් දුන් බවත් ජනතාවගෙන් පැනලා නොගිය බවත් අද මේ ගොවියන්ගේ කම්කරුවන්ගේ දුක කදුල වේදනාව අහන්න රජයේ කවුරුත් නොමැති බවත් කර්මාන්තශාලාවේ සේවකයන්ගේ කම්කරු අයිතිය ගැන කතා කළ වත්මන් රජය බලයට පත් වූ විගස මේ සියල්ල අමතක කර ඇති බවත් කම්කරු ජනතාවට පීඩිත පන්තියට කිසිදු සැනසීමක් නොමැති බවත් හැකියාවක් නොමැති මේ රජය නිසා කම්කරුවන් අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

සෙවනගල මෙන්ම පැල්වත්තේ ද මේ ගැටලු ඇති බවත් අර්ථ සාධක නොගෙවීම, බැංකු ණය නොගෙවීම, ගොවීන්ට හා සැපයුම්කරුවන්ට මුදල් නිසි පරිදි නොගෙවීම සේවක වැටුප් නොගෙවීම ආදී ගැටලු රැසක්ද ඇති බවත් අද වන විට මේ කර්මාන්තශාලා අඩපණ වී කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

Search