Update--ආරක්‍ෂක නි.ඇමැතිට එරෙහි විපක්‍ෂයේ විශ්වාසභංගය කථානායකට භාර දෙයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය මගින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (12) දහවල් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදෙනු ලැබීය.
ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළුව රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හේෂා විතානගේ, අජිත් පී. පෙරේරා, වී.එස්. රාධක්‍රිෂ්ණන්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, මුජිබුර් රහුමාන්, ඩබ්ලිව්.එච්එච්. ධර්මසේන, සුජීව සේනසිංහ, සුජිත් සංජය පෙරේරා, ජගත් විතාන, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා, හර්ෂ ද සිල්වා, ජේ.සී. අලවතුවල, නලින් බණ්ඩාර, චමින්ද විජේසිරි, විත්‍රාල් ප්‍රනාන්දු, දිලිප් වෙදආරච්චි, ඉම්රාන් මහරුෆ්, චතුර ගලප්පත්ති, ප්‍රසාද් සිරිවර්ධන, එම්.ඒ.එම්. තහීර්, කාවින්ද ජයවර්ධන, නිසාම් කාරියප්පර්, හෙක්ටර් අප්පුහාමි, චමින්ද්‍රාණි කිරිඇල්ල, දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර්, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන විපක්ෂ මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් තබා තිබේ.
අදාළ විශ්වාසභංගය මගින් නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා 15කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.
එය ඊයේ කථානායකවරයාට භාරදීම සඳහා මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, අජිත් පී. පෙරේරා, නලින් බණ්ඩාර, මුජිබුර් රහුමාන්, සුජිත් සංජය පෙරේරා, කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල, රාමනාදන් අර්චුනා යන මන්ත්‍රීවරුන් සහභාගි විය.
මෙය ජාතික ජන බලවේග ආණ්ඩුවේ අමාත්‍යවරයකුට එරෙහිව එල්ල වූ පළමු විශ්වාසභංග යෝජනාවය.
ආරක්ෂක නි.ඇමැතිට එරෙහි විපක්‍ෂයේ විශ්වාසභංගය කථානායකට භාර දෙයි
