නිල නිවස වෙනත් කටයුත්තකට යොදාගැනීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ කථානායකවරයාට ලබා දුන් නිල නිවස වෙනත් කටයුත්තක් සඳහා යෙදවීමෙන්රාජ්‍ය දේපොළ අවභාවිතයක් සිදුව ඇති බවයි.
කථානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙන බවත් ආයතන සංග්‍රහය අනුව උපලේඛන ගත නිල නිවසක් වන නිසා කථානායක නිල නිවස වෙනත් කටයුත්තකට යෙදවිය නොහැකි බව එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
කථානායක වරයාගේ නමින් වෙන් කරන ලද නිල නිවස වෙනත් කටයුත්තකට යොදවනවා නම් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබාගත යුතුු බවත් මෙහිදී එවැනි අනුමැතියක් ලබාගෙන නැති බවත් දිනේෂ් අබේකෝන් මහතා පවසයි
කතානායකවරයා වහාම අත්අඩංගුවට ගන්න- CID යට පැමිණිල්ලක් !
