දේශපාලන පක්ෂ ඇතුළු වුවහොත් යෞවන සමාජ ව්‍යාපාරය නැතිවී යනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) පැවසීය.
වර්තමානය වනවිට යෞවන සමාජ ව්‍යාපාරයේ උද්ගතව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ වන රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10දා) දහවල් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ද පැවසීය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක්රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත්
වැඩකටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි. ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වනවිට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගි වෙනවා.
මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා. යෞවන සමාජවලින් ඉදිරිපත්වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා. සමහර අය ව්‍යාපාරවල ඉන්නවා. මේ
සියලුදෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙනයන්නත් සහය දෙනවා.
ළඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.
දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා. මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාළ සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා. මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳා ගත යුතුයි.
මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන් ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලුදෙනා සෑහීමකට පත්වන විසඳුමක් ලබාදෙන්න. මේ රටේ යෞවන සමාජ, දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලුදෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්. එම කාර්යය නොකෙරුණොත් මේ උද්ඝෝෂණ, දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂත් ඇතුළු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැතිවී යාවි.
මට අවශ්‍යවී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබාදීමට තීරණය කළේ ඒ නිසයි.
දේශපාලනය රිංගුවොත් යෞවන සමාජ සුන්වෙයි! -රනිල්
