පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය නම් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කළ යුතුයි – මුජිබර් රහුමන්

පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය නම් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කළ යුතුයි – මුජිබර් රහුමන්

පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට ආණ්ඩුවට අවශ්‍ය නම් වහාම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් ලැබී තිබෙන බවත් ඒ සියල්ල නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී හෙළි කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එන විශ්වාස බංග යෝජනාව ලබන සඳුදා කථානායකවරයාට භාරදෙන රහුමාන් මහතා පවසයි.

මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දින දෙකක් විවාද කරන ලෙසත් හැකි තරම් ඉක්මනින්ම මෙම විවාදය පවත්වන ලෙසත් කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාති පරීක්ෂණයක් වෙනුවෙන් විපක්‍ෂයේ සියලු පක්ෂ නායකයින් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බව ද මුජුබර් රැහුමන් මහතා වැඩිදුරටත් පැවසීය

Search