ඊයේරාත්‍රියේ (06) මහරගම, නාවින්න ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙන අතර වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවෙකු මහරගම- නාවින්නේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසළදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති අතර තුවාලකරු යුද හමුදා සෙබලෙක් බව අනාවරණයවී තිබේ.
වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැති අතර මහරගම පොලිසි වැඩිදුර විමර්ශන සිදුකරයි
වසරේ 76 වැනි වෙඩිල්ලත් පත්තු වෙයි....මහරගම වෙඩි තැබීමක් .. හමුදා සෙබළෙක් තුවාල ලබයි
