දේශබන්දු නෙරපන යෝජනාව අද පාර්ලිමේන්තුවට

දේශබන්දු නෙරපන යෝජනාව අද පාර්ලිමේන්තුවට

පසුගියදා සියලු චෝදනාවන්ට වැරදිකරු වු දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිතය.

එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව හිමිවන බවට සදහන්

Search