කෝටි 53ක රට සවාරි... රනිල්ගේ පෞද්ග­ලික ලේකම් සැන්ඩ්‍රා­ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි

කෝටි 53ක රට සවාරි... රනිල්ගේ පෞද්ග­ලික ලේකම් සැන්ඩ්‍රා­ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ පෞද්ග­ලික ලේකම් ලෙස කට­යුතු කළ සැන්ඩ්‍රා පෙරේ­රා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ (04) දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ලෙස කට­යුතු කළ සමයේ දී එක්සත් රාජ­ධා­නියේ කළ සංචා­ර­යක් සම්බ­න්ධ­යෙන් පොදු දේපළ පනතේ විධි­වි­ධාන යටතේ කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව මෙසේ සැන්ඩ්‍රා පෙරේ­රා­ගෙන් ප්‍රශ්න කර ඇත.

මේ සම්බ­න්ධ­යෙන් හිටපු ජන­පති ලේකම් සමන් ඒක­නා­යක මහ­තා­ගෙන් ද ප්‍රශ්න කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි.

ඒ සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ අද (05) පෙනී සිටින ලෙස ඔහුට ද දැනුම් දී ඇත. රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි 2022 සහ 2024 කාලය තුළ විදෙස් සංචාර 23කට සහ­භා­ගිවී තිබේ. ඒ 2022 වසරේ 04ක්, 2023 වසරේ 14 සහ 2024 වසරේ 05 ලෙසිනි. මෙම විදෙස් සංචාර සඳහා වැය­කර ඇතැයි පැව­සෙන රජයේ මුදල් ප්‍රමා­ණය රුපි­යල් පන­ස්තුන් කෝටි­යක් පමණ වේ.

මෙම සංචාර අත­රින් විම­ර්ශ­න­යට ලක්වන්නේ 2023 වසරේ ජූනි 17 වැනිදා හිටපු ජනා­ධි­ප­ති­ව­රයා විසින් කළ එක්සත් රාජ­ධා­නියේ සංචා­ර­යයි. මෙම සංචා­රය සඳහා රුපි­යල් කෝටි 02කට ආසන්න රජයේ මුද­ලක් වැය කර ඇති බව සඳ­හන්ය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් විම­ර්ශ­න­යක් පව­ත්වනු ලබන්නේ මෙම සංචා­රය නිල සංචා­ර­යක්ද පෞද්ග­ලික සංචා­ර­යක්ද යන්න ගැනය. මෙම සංචා­රය පෞද්ග­ලික සංචා­ර­යක් බවත් රජයේ මුදල් පෞද්ග­ලික සංචා­ර­යක් සඳහා වැය­කර ඇති බව­ටත් ලැබී ඇති පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය ආරම්භ කර තිබේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් පසු­ගිය ජුනි 24 වැනිදා මෙම විම­ර්ශ­නය සම්බ­න්ධ­යෙන් කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ද කරුණු වාර්තා­කර තිබිණි

Search