වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විවාදය සහ ඡන්ද විමසීම ලබන 05 වැනිදා පැවැත්වෙන බැවින් එදින පාර්ලිමේන්තුවේ රැඳී සිටීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කර තිබේ.
මේ සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන අතර එය අනිද්දා දිනය පුරා විවාද කර සවස ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.
මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්‍ෂය නියෝජනයකරන සමගි ජන බලවේගය.දෙමළ ජාතික සන්ධානය.තීරණය කර තිබෙන අතර ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ තීරණය කරර තිබේ.
විවාදය අවසානයේදී සිදුකරන ඡන්ද විමසුමෙන් යෝජනාව සම්මත වුවහොත් ඒ බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දෙන අතර ඉන් අනතුරුව පොලිස්පති ධූරය සඳහා නාම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කිරීමට නියමිතය