සමන්ත විද්‍යාරත්නට බදුල්ලේදී හු සංග්‍රහයක්

සමන්ත විද්‍යාරත්නට බදුල්ලේදී හු සංග්‍රහයක්

බදුල්ල දිස්ත්‍රික් යෞවනේ සමාජ බල මණ්ඩලයේ පිහිටුවීම සඳහා පැවති නිලවරණයේදී ද උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ ප්‍රදේශයේ දේශපාලන බල අධිකාරිය මැදිහත්වී මෙතෙක් කලක් ග්‍රාමීය මට්ටමේ යෞවන සමාජ වල නොසිටි, ජාතික ජන බලවේගය නියෝජනය කරන තරුණයින් පිරිසක් ගෙනවිත් දිස්ත්‍රික් බලමණ්ඩලයේ නිලතල වලට පත් කළබවට තවත් තරුණ පිරිසක් විරෝධය දැක්වීම නිසාය.

මෙහිදී මූලික විරෝධයක් එල්ල වූයේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වෙතය.

එහිදී ජාතික තරුණ සේවා සභාවට අයත් යෞවන සමාජ ආණ්ඩු පක්ෂයේ අත්කොලු සහ ශාකා සමිති කරගන්න හදන බවට චෝදනා එල්ල කරමින් තරුණ පිරිස අමාත්‍යවරයාට “හූ” තබා සිය විරෝධය පළකලහ.

විරෝධය දැක්වූ තරුණ පිරිස අමාත්‍යවරයා වෙත පවසා සිටියේ , ” මෙතෙක් යෞවන සමාජය තුළින් කටයුතු කළ කිසිදු තරුණයෙක් ස්වකීය පක්ෂ දේශපාලනය ඒ වෙත නොගෙනා බවයි. නමුත් වත්මන් ආණ්ඩුවෙන් මෙතෙක් කලක් යෞවන සමාජයේ කටයුතු කළ තරුණයන් මගහැර සිය පක්‍ෂයේ හිතෛෂීන් යොදවා ගෙන යන ප්‍රතිපත්තිය නින්දිත බවද ඔවුහු පැවසූහ.

එබැවින් තමන් වෙනත් පක්ෂවලින් ඇජෙන්ඩා අනුව ක්‍රියා කරන බවට අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශය හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙසද තරුණ පිරිස විසින් අභියෝග කරන ලදී.

මෙහිදි විරෝධය දැක්වූ තරුණයන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙතෙක් කලක් යෞවන සමාජවල කටයුතු කළා තරුණ පිරිස මඟහැර ජවිපෙ පන්ති 5 කර ඇති උඩින් පාත් වූ සමාජවාදී තරුණ සංගමය නියෝජිතයන් හට නව නිලතල ලබා දී ඇතිි බවයි. ඊට අදාළ සාක්ෂි තමන් සතු බවද ඔවූහු පෙන්වා දුන්හ.

නව නිලතල ලැබූවන්ට හෘද සාක්ෂියක් ඇත්නම් තමන් මෙතෙක් කලක් කටයුතු කළා යෞවන සමාජයේ කුමක්ද කියා හෝ පැවසිය හැකි විය යුතු බවද විරෝධය දැක්වූ තරුණයන් අභියෝග කර සිටි නමුත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.

Search