ජයවර්ධනපුර රෝහලේ සභාපති ඉල්ලා අස්වෙයි…

ජයවර්ධනපුර රෝහලේ සභාපති ඉල්ලා අස්වෙයි…

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ධූරය දැරූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.

විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න මහතා 2024 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ලෙස පත් කරන ලදී.

තිලකරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තාමර කළුබෝවිල මහතා පත් කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.

Search