කළු සල්ලි ජාවාරමෙන් ලංකාව 80 වැනි තැනට...

කළු සල්ලි ජාවාරමෙන් ලංකාව 80 වැනි තැනට...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කළු සල්ලි සුදු කරන රටවල් සම්බන්ධයෙන් කරන ලද ශ්‍රේණිගත කිරීමේදී ලංකාව 80 වැනි ස්ථානයට පත්ව ඇතැයි ⁣ වාර්තා වෙයි.   මෙම ශ්‍රේණිගත කිරීමට ලෝකයේ රටවල් 164 ක් යොදාගෙන ඇත. එම ශ්‍රේණිගත කිරීමෙන් අනතුරුව නිකුත් කළ මූල්‍ය අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝක ආර්ථිකයේ සංසරණය වන මුදල්වලින් 2% ත් 5% ත් අතර මුදලක් කළු සල්ලි බවද සඳහන්ය.  එසේම කළු සල්ලි ජාවාරම සම්බන්ධව ඉහළම අවදානම ඇති රට ලෙස වාර්තා වන්නේ හයිටි දේශයයි. එහි අවදානම් ශ්‍රේණිය 8.25% කි. අඩුම අවදානම ලෙස ඇති රට ලෙස වාර්තා වන්නේ අයිස්ලන්තයයි.  එහි අවදානම් ශ්‍රේණිය 1.17% කි. මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිවී ඇති අවදානම් ශ්‍රේණිය 5.28% කි. ශ්‍රේණිගත කිරීමට අදාළ නවතම දත්ත පසුගිය දා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ද ඉදිරිපත් කළේය

Search