දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන අවස්ථාවේදී එම නිර්දේශයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී දැඩිව හඬ නැගුවේ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්තීවරුන්ය
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නිරපන යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බවයි.
පොලිස්පතිවරයා පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරයේ සම්බන්ධයෙන් පක්ෂයට කිසිදු පැහැදීමක් නැතැයි ද ඔහු සඳහන් කළේය .
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් නිරපීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන මස පස්වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව දැනුම් දී ඇත. මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් එනම් 113ක් ඡන්දය ප්‍රකාශ කළ යුතුවේ කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියා සිටියේ ඔවුන් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බවයි
දේශබන්දු නෙරපනවාට සජබේ පක්ෂයි .. පොහොට්ටුව විරුද්ධයි ඡන්ද විමසීම ලබන 5 වැනිදා
