අද ඉදිරිපත් කරන අණපනත් හරහා අවම සේවක වැටුප රු.21,000 සිට රු.27,000 දක්වා දෙසැම්බර් මාසයේ සිට සහ ලබන වසරේ සිට රු.30,000 දක්වා වැඩි වන බවත් එය සුබවාදී දෙයක් නිසා විපක්ෂයේ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙහි දී පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 41 වැනි පොරොන්දුව වන රටේ වතු ප්‍රජාවට ලබා දෙනවා කියූ දෛනික රු.1700ක වැටුප අමතක වී ඇති බවත් 1941 අංක 27 දරන පඩිපාලක ආඥා පනතේ 20 (1) වගන්තිය අනුව යම් කර්මාන්තයක යෙදෙන කම්කරුවන්ගේ අවම පඩි ප්‍රමාණය තීරණය කිරීම ගැන ඇති බවත් 1981 අංක 72 දරන වැවිලි කර්මාන්තකරුවන්ට දීමනා පනතේ 4 වැනි වගන්තිය යටතේ වතු ප්‍රජාවට පඩිපාලක සභාව විසින් ගන්නා තීරණය මත ගෙවිය යුතු ප්‍රමාණය තීරණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ එක ජන කොට්ඨාසයකට රු.21,000 සිට රු.27,000 දක්වාත් ජනවාරි සිට රු.30,000 දක්වා වැටුප් වැඩි වන විට උඩරට පහතරට වතු ප්‍රජාව අමතක කර ඇති බවත් තේ වතු රබර් වතු පොල්වතු හා සුළු අපනයන භෝගවල සිටින ජනතාව ඇති බවත් විද්‍යාත්මක සමීක්ෂණයක් අනුව රජය වුන පොරොන්දු ඉටු කර ඇත්තේ අවම ප්‍රමාණයක් බවත් වතු ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කරන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මනෝ ගනේෂණ්, රාධා ක්‍රිෂ්ණන් හා දිගම්බරම් යන මන්ත්‍රිවරුන් සංශෝධන ඉදිරිපත් කරන නිසා ඒවාට රජයේ සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
https://youtu.be/FXNRd4Us-3c?si=z__4q_GmLtutynkD
අවම සේවක වැටුප වැඩි කරනවා සේම වතු ප්‍රජාවගේ වැටුප් ද වැඩි විය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
