සජබ පුංචි ලොක්කන් හමුවෙන්න සජිත් යයි

සජබ පුංචි ලොක්කන් හමුවෙන්න සජිත් යයි

සමගි ජන බලවේගයට බලය හිමි වූ පළාත් පාලන ආයතනයන්හි සියලු ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් පෞද්ගලිකවම හමුවී ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.

ඒ අනුව එම පළාත් ආයතනයන්හි මන්ත්‍රීවරුන් හමුවීම මෙන්ම ඔවුන් සඳහා විශේෂ වැඩමුළු පළාත් මට්ටමින් පැවැත්වීමට ද හෙතෙම සූදානමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

බලය හිමි වූ ආයතනයන්හි කටයුතු ඍජු අධීක්ෂණයක් සිදුකර ආදර්ශමත් ආයතන ලෙස පවත්වාගෙන යෑමට තීරණය වී තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

Search