ෆාමසි එකකින් නියමිත මාත්‍රවලට අනුව ඖෂධ ලබා දීම නිපුණතා ක්‍රියාදාමයක් බවත් එය වැදගත් ක්‍රියාදාමයක් බවත් රජයේ රෝහල්වල පවා ඖෂධවේදීන්ගේ හිගයක් ඇති බවත් එම නිසා ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි තැන සිට ගත යුතු බවත් ඖෂධවේදීයාගේ ක්‍රියාවලිය නිපුණතා සහිත ක්‍රියාවලියක් බැවින් ඒ සුදුසුකම සහිත අයකු ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
5000කට ආසන්න ඖෂධ ශාලා තිබුණත් මේවාගේ බහුතයක ඖෂධවේදීන් නොමැති බැවින් මේ ගැටලුවට විසඳුමක් ලැබෙන කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මේ ගැටලුවට උත්තරය ෆාමසි වැසීම හෝ ඕනි ආකාරයට වැඩ කිරිම නොවන බවත් මේ අවස්ථාවේ මේ ගැටලු මුල් කර ගෙන පාරට බැස්සොත් දේශපාලන පක්ෂවලට වාසි වුවත් ජනතාවට වාසි නොවන නිසා මේවා මුල් කර ගෙන පාරට බැසීම නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද Citizens Voice (පුරවැසි හඩ) වැඩසටහන යටතේ සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදී පැවසීය.*
පොදු ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙසත් මේ අවස්ථාවේ දි මේ ගැටලුවට විසඳුමක් ලෙස කාලරාමුවක් තුළ ෆාමසි හරියට යන ගමන් සුදුසුකම් ලත් ඖෂධවේදීන් හරහා විධිමත්ව සිදුවන තුරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් මේ සම්බන්ධ වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මේ හිගය නැති වන තුරු මැද තැනක සිට කටයුතු කරන ලෙසත් ඒ සඳහා උසස් පෙළ සමත් අය පොරොත්තු ක්‍රමවේදය තුළ අතරමැදි පුහුණුවකට ලක් කර අධීක්ෂණය යටතේ සේවයට යොදා ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
අවිධිමත්ව බෙහෙත් ලබා දීම වැරදි බවත් මෙවැනි අතරමැදි විසදුමකට යොමු වන ලෙසත් මේ සම්බන්ධයෙන් යෝජනා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සෞඛ්‍ය උපදේශක කාරක සභා හරහා මෙය යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ෆාමසි බොහොමයක ඖෂදවේදින් නැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
