සමගි ජන බලවේගය නායකත්වය කිසිඳු වෙනසක් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා පැවසීය. අද (15දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේද කියා සිටියේය.
‘‘පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවන බව විවිධ පුවත් පළවී තිබෙනවා. නමුත් පක්ෂයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ. ඒ පිළිබඳව කළමනාකරණ කමිටුවේදීවත් කිසිදු සාකච්ඡාවක් සිදුවුණේ නෑ. කෙසේ නමුත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්ව එකතු වී සජිත් ප්‍රේමදාස මහතාට දිගින් දිගටම විවිධ මඩ ප්‍රචාර එල්ල කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් වර්තමාන ආණ්ඩුව වෙනස් කිරීමට තමයි අපි සියලු දෙනා කටයතු කරමින් සිටින්නේ. ඒ වගේම පක්ෂයක් ලෙස වෙනස් වී , ශක්තිමත් වී , විපක්ෂයෙන් සියලු කණ්ඩායම් සමඟ එකතු වී ආණ්ඩුව ගෙදර යවන්න අපි කටයුතු කරනවා.
අනුර දිසානායක ජනාධිපතිවරයා ජයග්‍රහනය කළේ අපේ බෙදිම් නිසයි. අපේ කඳවුරු දෙකට කැඩි අපෙක්ෂකයින් දෙදෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් තමයි යම් පසුබෑමකට ලක්වෙන්න සිදුවුණේ. එසේ නොවුනානම් ජනතා විමුක්ති පෙරමුණට තවමත් සියයට 3 ක ඡන්ද ප්‍රතිශතයක් තමයි තිබෙන්නේ. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සියල්ල ඒකරාශි කරගෙන ඉදිරි මැතිවරණ ජයගන්න අපි කටයුතු කරනවා.‘‘