මෙම වසරේ (2025) මේ දක්වා කාලය තුළදී වෙඩි තැබීමේ සිද්ධීන් 67 ක් වාර්තා වන බව පොලිස් මූලස්ථානය පවසයි. ඉන් වෙඩි තැබීමේ සිද්ධීන් 48ක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකළ ඒවා වේ. පෞද්ගලික ආරවුල් ඇතුළු වෙනත් විවිධ හේතූන් මත සිදු වූ වෙඩිතැබීම් සංඛ්‍යාව 18ක් වන අතර සංවිධානාක්මක අපරාධ කල්ලි සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයන් 44ක් දෙනකු මියගොස් තිබේ.
එම වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 29ක්. එමෙන්ම කිසිවකුටවත් තුවාල සිදු නොවූ වෙඩි තැබීමේ සිද්ධීන් 9ක් වාර්තා වන බවද පොලිසිය සඳහන් කළේය. මෙම වෙඩි තැබීමේ සිද්ධීන් අතර අවසන් සිදුවීම පසුගිය සිකුරාදා පානදුර, මාලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විණි.
කුඩු සලිඳුගේ පාර්ශ්වයේ අයෙක් ඉලක්ක කර කුඩු නිලංග නමැත්තාගේ පාර්ශ්වය විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර ඉන් එක් අයෙක් තුවාල ලැබීය
මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් 67ක්...
