රටේ ඖෂධ හිඟය උග්‍ර අතට... පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වල නෑ

රටේ ඖෂධ හිඟය උග්‍ර අතට... පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වල නෑ

රට තුළ දැනට පවතින ඖෂධ හිඟය 2025 වසර අවසානය දක්වා පැවතිය හැකි බව වාර්තා වෙයි.

ප්‍රසම්පාදන ප්‍රමාදයන් හේතුවෙන් හිඟව පවතින ඖෂධ වර්ග 56ක් සඳහා නව තොග ලැබීමට මාස නවයක් පමණ ගතවීම මෙයට හේතු වී තිබේ.

වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි වාර්තාවට අනුව, අත්‍යවශ්‍ය ඖෂධ 333ක තොග දැනට රට තුළ නොමැත. පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රජයේ සහ පෞද්ගලික යන දෙඅංශයේම රෝහල්වල දැඩි හිඟයක් පවතී.

විශේෂයෙන්ම, පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ වර්ග රැසක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින අතර, පවතින සුළු ප්‍රමාණයක් පවා ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවට චෝදනා නැඟෙමින් පවතී. පෞද්ගලික අංශයේ ඖෂධ සැපයුම 30% කට වඩා පහත වැටී ඇති අතර, බොහෝ ඔසුසල්වලට පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට නොහැකි වී ඇති බවද සඳහන් වෙයි.

මෙම තත්ත්වය සෞඛ්‍ය සේවාවට සහ රෝගීන්ට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, කඩිනම් විසඳුම් අවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

Search