කථානායකට විශ්වාස භංගයක්

කථානායකට විශ්වාස භංගයක්

කතා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටින බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය

 විශ්වාස භංග යෝජනාවට ඇතුළත් කිරීමට ඔහුට එරෙහි චෝදනා ඒකරාශී කරගෙන යන බව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.. කථානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඉකුත් වැනිදා පැවැති කන්ඩායම රැස්වීමේදී ද ඇතැම් මන්ත්‍රීවරුන් දැඩි විවේචනාත්මක කතා කර ඇතැයි වාර්තාවේ.. කථානායකවරයාට එරෙහිව විශ්වාසබංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ දැනටමත් එකඟ වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය ..

තමන්ට හිමි පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම් ලබා ගැනීම ධූරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ ආණ්ඩු පක්ෂයට වැඩි පක්ෂග්‍රාහීත්වයක් කටයුතු කිරීම යනාදී යෝජනා පදනම් කරගෙන මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට ඇත

Search