ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිලා තුනකට ඩුබායි වලින් මරණ තර්ජන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිලා තුනකට ඩුබායි වලින් මරණ තර්ජන

පාතාල මර්දන කටයුතුවලට දායක වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකොට ඩුබායි පාතාලයෙන් පසුගිය දිනවල මරණ තර්ජන දුරකථන ඇමතුම් ලැබී ඇත. පාතාල මර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උරණ වී සිටින පාතාල නායකයින් පිරිසක් මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාට වරින් වර දුරකථන ඇමතුම් දි මෙලෙස තර්ජනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 

 මේ සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස්පතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇත. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසමකදී ඔහු පැවසුවේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිලාගෙන් තමා පෞද්ගලිකව කරුණු විමසූ බවද ඔහු සඳහන් කළේය. මේ අතර ඩුබායි සිට පාතාල ක්‍රියාකාරම් මෙහවන පාතාල නායකයින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රාජතාන්තික මට්ටමේ කටයුතුද කරගෙන යන බවත් විජේපාල මහතා ප්‍රකාශ කළේය

Search