තීරු බද්ද 30%ක් කර ගැනීම මහා ලොකු ජයග්‍රහණයක් නෙවෙයි – පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්

තීරු බද්ද 30%ක් කර ගැනීම මහා ලොකු ජයග්‍රහණයක් නෙවෙයි – පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්

ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද අන්‍යොන්‍ය තීරුබද්ධ 30% ක් ලෙස තීරණය කිරීම මහා ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට ඊයේ (10දා) පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් නව බදු ප්‍රතිශතයන් ප්‍රකාශ කරන ලද අවස්ථාවේ දී වෙනත් රටවල් එම ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට සමත් වුවත් ශ්‍රී ලංකාවේ රජය එය කළමනාකරණය කර ගැනීමට අසමත් වූ බවද කාරියවසම් මහතා කීවේය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇතුළු අපනයන විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට යවන නිසා මෙම තීරු බදු ප්‍රතිශතයන් තවදුරටත් අඩු කර ගැනීමට ආණ්ඩුව වහාම සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවද කාරියවසම් මහතා පැවසීය

Search