පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සෘජු සම්බන්ධයක්!! කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් ..

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සෘජු සම්බන්ධයක්!!  කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වූ පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කර ඇති අතර එම විමර්ශන සාර්ථකව අවසන් කර ප්‍රහාරයට වගකිවයුත්තන් කවර තරාතිරමක අය වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව මෙරට ජනතාවට වගකීමෙන් යුතුව අවධාරණය කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිව සිටි ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට සාධාරණ සහ යුක්ති සහගත සැකයක් ඉදිරිපත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වී ඇතැයිද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනඑන ලද කල් තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් ඇමැතිවරයා කීය.

Search