නිදහස් කළ බහාලුම් අස්සේ එතනෝල් කන්ටේනරයක් : CID ගිහින් එළියට ආපු විමල්ගෙන් තවත් එළිදරව්වක්

 නිදහස් කළ බහාලුම් අස්සේ එතනෝල් කන්ටේනරයක් : CID ගිහින් එළියට ආපු විමල්ගෙන් තවත් එළිදරව්වක්

ආන්දෝලනාත්මක රේගු පරීක්‍ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීමේදී “විජේවීර ගැන චිත්‍රපටයක් ගහන්න සල්ලි දුන්, ඡන්ද කාලෙදි මාලිමාවට වේදිකා ගහන්න සම්පූර්ණයෙන්ම සල්ලි වියදම් කළ , දැනට අමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයකුට අයත් එතනෝල් කන්ටේනරයකුත් එළියට” යවා ඇති බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කරයි.

ඔහු මේ බව අද (09) පවසා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අනුව ඒ වෙත ගොස් පිටතට පැමිණි මොහොතේ මාධ්‍යට අදහස් දක්වමිනි.

එතනෝල් කන්ටේනරය නිදහස් කිරීම ඇතුළුව බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව තමන් දන්නා සියළු තොරතුරු අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේදී සඳහන් කළ බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් තමන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදුන් ප්‍රකාශය යළි කියවා අත්සන් කිරීමට පෙර ඉහලට යැවීමට අවශ්‍ය බව පවසා කිසියම් අයෙකුට යොමුකළ බවත් එහෙත් වෛද්‍යවරයෙකු හමුවීමට යාමට යොදාගෙන තිබූ බැවින් තමන් ලබාදුන් ප්‍රකාශය යළි එනතෙක් රැඳී සිටීමට නොහැකි බැවින් අත්සන් කිරීමට වෙනත් දිනයක් දන්වන ලෙස ඉල්ලා තමන් පිටතට පැමිණි බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන්ව කැඳවා තිබුණේ, එක්ස්පෝ ලංකා හිමිකරුව සිටි වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර සිදුකළ පැමිණිල්ලක් මත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Search