යතුරුපැදි අංකත හඩු අසූ දහසකට වැඩි සංඛ්‍යාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පොරොත්තුවේ සිරවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මෙම ලැයිස්තුවේ අලුත් යතුරු පැදි, පළාත් මාරු කිරීම් කැඩී පලුදුවීම් වැනි වෙනත් හේතු නිසා අයදුම් කළ අංක තහඩු ද වන බව එම ප්‍රකාශකයා පැවසීය.
අංක තහඩු මුද්‍රණය කිරීමට අදාල ටෙන්ඩර් ගිවිසුම අවසන් වීම හේතුවෙන් මෙසේ අංක තහඩු මුද්‍රණය නතර වූයේ පසුගිය අප්‍රේල් 28 වැනිදාය. මීට අමතරව විවිධ වර්ගයේ අලුතින් ලියාපදිංචි කරන වාහන 15000අධික සංඛ්‍යාවකට ද මෙම හේතුව නිසා අංක තහඩු ලබාදිය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
මෙසේ අලුතින් ලියාපදිංචි කරනු ලබන මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවීම නිසා නව වාහන මිලට ගත් හිමිකරුවන් දැඩි අපහසුතාවයකට පත්වී තිබේ
RMV අංක තහඩු ටෙන්ඩර් අවුලෙන් යතුරුපැදි අසූ දාහකට අංක තහඩු නෑ. වාහන 15000කුත් පෝලිමේ
