ඇමතිවරුන්ට හොරකම් කරන්න උදව් කරපු රජයේ නිල­ධා­රීන් 18කට එරෙ­හිව අල්ලස් කොමි­ස­මෙන් පරී­ක්ෂණ -සම­හරු රටි­නුත් පැනලා

ඇමතිවරුන්ට හොරකම් කරන්න උදව් කරපු රජයේ නිල­ධා­රීන් 18කට එරෙ­හිව අල්ලස් කොමි­ස­මෙන් පරී­ක්ෂණ -සම­හරු රටි­නුත් පැනලා

විවිධ වංචා හා දූෂණ අක්‍ර­මි­කතා සඳහා දේශ­පා­ල­න­ඥ­යන්ට සහාය දැක් වූ බව කියන උසස් රාජ්‍ය නිල­ධා­රීන් 18 දෙනකු පමණ අත්අ­ඩං­ගු­වට ගැනී­මට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු විම­ර්ශන කණ්ඩා­යම් විසින් පරී­ක්ෂණ ආරම්භ කර තිබේ. විවිධ දූෂණ චෝදනා එල්ල වූ උසස් රාජ්‍ය නිල­ධා­රීන් 5 දෙනකු දැනට විදේ­ශ­යන් වෙත ගොස් ඇති බවත් ජාත්‍ය­න්තර සම්මු­තීන්ට අනුව ඔවුන් මෙර­ටට ගෙන්වා ගැනී­මට මේ වන විටත් කට­යුතු කර­මින් සිටින බවත් වාර්තා වේ.

රාජ්‍ය දේපළ අව­භා­විත කළ බවට සැක නිල­ධා­රීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරී­මට ද පිය­වර ගෙන ඇති අතර ඊට අදා­ළව සිදු කළ විම­ර්ශ­න­ව­ලදී අයුතු ආදා­යම් සම්බ­න්ධ­යෙන් අනා­ව­ර­ණය වී ඇතැයි පරී­ක්ෂණ මඟින් වාර්තා වී ඇත.

අයථා ලෙස වත්කම් රැස්කි­රීමේ සිද්ධි­ය­කට අදා­ළව අල්ලස් කොමි­සම, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර­ගුප්ත මහතා පසු­ගිය දා අත්අ­ඩං­ගු­වට ගත් අතර ඔහු ලබන මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට නියෝග කර ඇත.

Search