කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන දිනකට වායු සමීකරණ යන්ත්‍ර සඳහා පමණක් රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය කරන බව එම නගර සභාවේ සමඟි ජනබලවේයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත පැවසීය.
කොළඹ මහ නගර සභා ශ්‍රවණාගාරයේ මහ සභා රැස්වීමේදී රෝයි බෝගහවත්ත මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.
වායු සමීකරණ යන්ත්‍ර සහ ශබ්ද විකාශන උපකරණ ඇතුළු උපකරණ සඳහා මාසික රැස්වීමක් වෙනුවෙන් ලක්ෂ ගණනක මුදලක් වැයකරන බවත් තව දුරටත් එම මුදල් නාස්තිය නොකර නගර සභාවේ මුදලින් එම උපකරණ මිලදීගැනීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත.
වර්තමාන ජාතික ජනබලවේග නගර සභාවේ උප නගරාධිපති හේමන්ත කුමාර මහතා සේනානායක නගරාධිපති ධූරය දරණ කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී වායු සමීකරණ යන්ත්‍ර සඳහා කරන වියදමට විරෝධය දැක්වූ බව කී බෝගහවත්ත මන්ත්‍රීවරයා දැන් හේමන්ත මන්ත්‍රීවරයා ට එම වියදම් කපාහැරීමට කාලය පැමිණ ඇති බව ද සඳහන් කළේය.
එහිදී නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් සහ උප නගරාධිපති හේමනත කුමාර පවසා ඇත්තේ තමන් පාලනය භාරගත්තා පමණක් බවත් එම වියදම් කපා හැරීමට බලාපොරොත්තුව වන බවත්ය