ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ මාර්ගෝපදේශ අනුව යමින් ප්‍රතිව්ව ගතකරණය මුවාවෙන් සමූපකාර දාසිය දහසක් සතු ඇමෙරිකන් ඩොලර් කෝටි 280කට අධික දේපළ හා අනෙකුත් වත්කම් වලට අත තැබීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි සමූපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ චෝදනා කරයි.
පැවති ආණ්ඩුව ඉදිරිපත් කළ විරෝධතා හමුවේ අකුලා ගත් සමූපකාර ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යමින් ආණ්ඩුව මෙම වෑයම ගන්නේ යැයි එහි සභාපති උපාලි චන්ද්‍රසිරි මහතා පැවසීය.
මෙය මුළුමනින්ම ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ජනතාව සන්තක ප්‍රබලතම ව්‍යාපාරය බවට සමූපකාරය පත්කිරීමේ අපේක්ෂාව උඩු යටිකුරු කිරීමක් යයිද සම්ප්‍රකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙම වෑයම පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ඔහු සඳහන් කරේය.
යුරෝපා සංගම් වාර්තා අනුව 81ක් ලක්ෂයක සාමාජිකත්වය ඉක්ම වූ ඇමරිකන් ඩොලර් හෝටි 280ක අධික දේපළක් හා අනෙකුත් වත්කම් හිමි සම්ප්‍රකාර 16000ක් ලංකාවේ ඇතැයිද කී හෙතෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ආණ්ඩුව ඉව අල්ලන්නේ එකී දේපළවලට යැයි ද අවධාරණය කළේය
සමූපකාරයේ ඩොලර් කෝටි 280ක දේපළකට රජය අත ගහන තැතක්
