මාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රදේශීය සභාවේ බලය ‘සජබ‘ තහවුරු කරයි.

මාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රදේශීය සභාවේ බලය ‘සජබ‘ තහවුරු කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ ප්‍රදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි විය.

මාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (23) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සරණ කුමාර රත්නායක මහතා එම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.

Search