සිරිලිය යළි කරළියට

සිරිලිය යළි කරළියට

 මේ වනවිට වසා දමා ඇති සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වූ නඩුකරය නැවත විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන භව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

 

එම ගිණුම ආරම්භ කිරීමේදී පිරවිය යුතු අයදුම් පත බැංකුවෙන් මේ වන විට අස්ථානගත වී ඇතැයිද කී ඇමතිවරයා මේ වන විට එම ගිණුමේ කටයුතු අක්‍රිය කර ඇතැයි ද සඳහන් කළේය

 

අත්හිටවන විට එම ගිණුමේ පැවති ශේෂීය රුපියල් මිලියන 44 ක් වූ බවත් කී ඇමතිවරයා ගිණුම සඳහා රුපියල් අටකෝටි 29 ලක්ෂයක අධික මුදලක් තැන්පත් කර තිබූ බවද ඉන් රුපියල් තුන්කෝටි අනූ ලක්ෂ පහළොස් දහසක මුදලක් ඉවත් කරගෙන ඇතැයිද කීය

Search