කොළඹ සුපිරි වෙළද සල් සහ නිවාස සංකීර්ණ ඇති දේශපාලකයින් හයක් ගැන පරීක්ෂණ

 කොළඹ සුපිරි වෙළද සල් සහ නිවාස සංකීර්ණ ඇති දේශපාලකයින් හයක් ගැන පරීක්ෂණ

කොළඹ සහ ඒ අවට ඉඩකඩම් මිල අධික ප්‍රදේශවල නිවාස සංකීර්ණ සහ සුපිරි වෙළද සංකීර්ණ ඉදිකර ඇතැයි පැවසෙන හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලකයන් හය දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස්සො දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර ඇත

 

හිටිහැටියේම මෙවැනි දේපළ හිමිවීම් බරපතළ සැකයට තුඩු දෙන කාරණයක් හෙයින් ඒ සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ කරුණු සොයා බලාගෙන යන බව විමර්ශන නිලධාරියෙක් පැවසීය .

 

පාර්ලිමේන්තුව අවට කොල්ලූපිටිය බම්බලපිට එවැනි ජනාකීර්ණ ප්‍රදේශවල මෙම සුපිරි වෙළද සංකීර්ණ ඉදිකර පවත්වාගෙන යන අතර මේවට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කළේ කෙසේදැයි විශාල අභිරහසක් බවද එම නිලධාරියා සඳහන් කළේය

Search