පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව විපක්ෂයට බහුතර මන්ත්‍රීවරුන් සිටින පළාත් පාලන ආයතන 19ක බලය පිහිටු වීමට මේ වන විට සමගි ජන බලවේගය කටයුතු කර තිබේ.
එම පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ නගරාධිපතිවරු ද සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් අතරින් පත් කිරීමට ද කටයුතු කර තිබේ.
අද දින (19) පමණක් පළාත් පාලන ආයතන 5ක බලය පිහිටු වීමට සමගි ජන බලවේගය කටයුතු කළ අතර එම පළාත් පාලන ආයතන වන්නේ බිංගිරිය පාතහේවාහැට, තඹලගමුව, පන්විල සහ අරණායක යන ප්‍රාදේශීය සභා වේ. ඉදිරියේ දී තවත් පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සියලු කටයුතු සැලසුම් කර තිබේ.
පළාත් පාලන ආයතන 19ක බලය සජබට ....අදත් ආයතන 5ක බලය අල්ලයි
