ඉරාන - ඊශ්‍රායල යුද්ධය ලෝක යුද්ධයක් බවට පත්වේ.. ඇමෙරිකන් ප්‍රහාරක යානා රැසක් ඉරානය දෙසට

ඉරාන - ඊශ්‍රායල යුද්ධය ලෝක යුද්ධයක් බවට පත්වේ.. ඇමෙරිකන් ප්‍රහාරක යානා රැසක් ඉරානය දෙසට

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධයට අවතීර්ණ වී ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ගෙනයන ප්‍රහාරවලට සම්බන්ධ වීමට සලකා බලමින් සිටිනවා.


එක්සත් ජනපදය පහර දිය හැකි එක් ඉලක්කයක් වන්නේ ඉරානයේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික බලාගාරය. එය භූගත ගැඹුරු පරිශ්‍රයක පිහිටා ඇති අතර එය විනාශ කළ හැකි රාත්තල් 30,000 ක බෝම්බයක් ඇත්තේ ඇමෙරිකානුවන් සතුව පමණක් බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් සඳහන් කළා.

මෙම පියවර සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපදේශකයින් බෙදී සිටිනවා.විශේෂඥයින් පවසන්නේ ඇමෙරිකාව මීට සම්බන්ධ වීම මගින් ගැටුම සම්පූර්ණයෙන්ම වෙනසකට ලක්වනු ඇති බවයි.

ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙලන ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා භාවිතා කරන, ඇමෙරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා ඇතුළු යානා 30 ක් පසුගිය දින තුන තුළ, යුරෝපයට යවා තිබෙනවා.

පසුගිය දින තුන තුළ අවම වශයෙන් එක්සත් ජනපද හමුදා ගුවන් යානා 30 ක් ඇමෙරිකාවේ කඳවුරු වලින් යුරෝපයට ගෙන ගොස් තිබෙනවා

ඒ අතරට ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙලන ගුවන් යානා සහ නැවත ඉන්ධන පිරවීම සඳහා භාවිතා කරන ඇමෙරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා අයත්.

Flightradar24 ට අනුව, මේවායින් අවම වශයෙන් හතක් – KC-135s වර්ගයේ යානා – ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය සහ එංගලන්තයේ ඇති ඇමෙරිකානු ගුවන් කඳවුරුවල නතර කර තිබෙනවා.

ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම සඳහා යැයි පවසමින් සිකුරාදා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් පසුව, ඊශ්‍රායලය සහ ඉරානය අතර අඛණ්ඩව ප්‍රහාර එල්ල වෙමින් ඇති අතරතුර මෙම ගුවන් යානා ඇමෙරිකාවේ සිට යුරෝපයට යවා තිබෙනවා.

එක්සත් ජනපදයේ මෙම ක්‍රියාමාර්ගය ගැටුමට සෘජුවම සම්බන්ධද වීමේ පියවරක්ද යන්න මෙතෙක් පැහැදිලි නැහැ. 

Search