ඉන්ධන හල්වල පෝලිම් නිර්මාණය කරන බැවින් බූලි සහ බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
පසුගිය කාලය තුළය බූලි සහ බැරල් රැගෙන ඉන්ධන පිරවුම් හල් වෙත පැමිණි පිරිස් අනවශ්‍යය තද බදයක් හා පෝලිම් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව තහවුරු වීමෙන් පසු මෙම පියවර ගත් බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
තෙල් සංස්ථාව ගෙන ඇති මෙම තීරණය අද උදේ සියලූම ඉන්ධන හල් හිමියන් වෙත ලිඛිතව දැන් දී ඇති බවත් එම තීරණයට පටහැනිව කටයුතු කර මින් ඉදිරියට බූලි සහ බැරල් වලට ඉන්ධන නිකුත් කළොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම නිලධාරියා සඳහන් කළේය.
බූලි සහ බැරැල් ඉන්ධන හල්වෙත රැගෙන විත් ඉන්ධනන හිඟයක් සම්බන්ධව පාරිභෝගිකයින් තුළ අනියත බියක් ඇති කරන ආකාරයට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය හරහා එය වැළැක්විය හැකි බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.