හිටපු ජනපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි ...-පනත් කෙටුම්පත් සැකසීමටත් කැබිනට් අනුමැතිය

හිටපු ජනපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි ...-පනත් කෙටුම්පත් සැකසීමටත් කැබිනට් අනුමැතිය

­හි­ටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ වර­ප්‍ර­සාද සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටු­ම්ප­තක් සකස් කිරී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස්වූ කැබි­නට් රැස්වී­මේදී පෙරේදා (16) අනු­මැ­තිය හිමිව තිබේ. කාල­ත්‍ර­යාට ලැබෙන විශ්‍රාම වැටුප, කාර්ය මණ්ඩ­ල­යට ලැබෙන දීමනා, නිවාස ඇතුළු හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ට සහ ඔවුන්ගේ පවු­ල්ව­ලට දී ඇති විශේෂ වර­ප්‍ර­සාද අහෝසි කිරී­මට හැකි වන පරිදි මේ අනුව අංක 1986 අංක 4 දරන ජනා­ධි­ප­ති­ව­රුන්ගේ හිමි­කම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලි­මේන්තු විශ්‍රාම වැටුප් පනත පරි­ච්ඡින්න කිරී­මට පනත් කෙටු­ම්ප­තක් සකස් කිරීම සඳහා නීති කෙටු­ම්පත් සම්පා­ද­කට උප­දෙස් දීමට අධි­ක­රණ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති හර්ෂණ නානා­ය­ක්කාර මහතා මේ යෝජ­නාව ඉදි­රි­පත් කර තිබිණි. කැබි­නට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මින් කැබි­නට් මාධ්‍ය ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඊයේ (17) ප්‍රකාශ කළේ හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ට සහ ඔවුන්ගේ පවු­ල්ව­ලට දී ඇති විශේෂ වර­ප්‍ර­සාද අහෝසි කිරීම සඳහා ජන­තාව විසින් රජ­යට ජන­ව­ර­මක් දී තිබෙන බවයි.

ඒ අනුව වසර හත­ළිස් ගණ­න­කට පසු විශ්‍රා­මික ජනා­ධි­ප­ති­ව­රුන්ගේ හිමි­කම් අහෝසි කිරීම සඳ­හාත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳ­හාත් නීති­යක් ගෙන එන බවත් එම පනත සම්මත වූ දා සිටම බල­පැ­වැ­ත්වෙන පරිදි හිටපු සහ දැන් සිටින සියලු ජනා­ධි­ප­ති­ව­රුන්ට මෙහි නීති බලා­ත්මක බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 36 (02) සහ 36 (04) වගන්ති ප්‍රකා­රව හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ විශ්‍රාම වැටුප ආරක්ෂා වී ඇති බව කී ඇමැ­ති­ව­රයා, එය අහෝසි කළ හැකි වන්නේ ව්‍යවස්ථා සංශෝ­ධ­න­ය­කින් පම­ණක් බැවින් ඒ සඳහා දැනට ක්‍රියා­මාර්ග නොගන්නා බව ද පැව­සු­වේය. දැනට ජීවත් වන හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ හිමි­කම් පන­තින් ආරක්ෂා වන්නේ නිල නිවාස, කාර්ය මණ්ඩල, වාහන, ඉන්ධන දීමනා, ආර­ක්ෂාව ඇතුළු වර­ප්‍ර­සාද බැවින් මේ පනත් කෙටු­ම්ප­තින් ඒ හිමි­කම් සංශෝ­ධ­නය කරන බවත් කීවේය.

විශ්‍රාම ගිය ජනා­ධි­ප­ති­ව­රුන්ගේ අයුතු භුක්ති විඳීම් ගැන වගේම මහ­ජන හිමි­කම් අයුතු ලෙස භාවිත කිරීම ගැනත් අල්ලස් කොමි­සම සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පරී­ක්ෂණ පව­ත්වන බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය

Search