මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරන බවට පාරම් බාපු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නිරුවත කොළඹ නගර සභා ඡන්දයෙන් අද රටටම පෙන්වා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරකාරියවසම් මහතා පැවසීය.
පාර දුෂ්‍ය මාවයත් විනිවිද භාවයත් ගැන කතා කරපු ජාතික ජනබල වේගය කොළඹ නගර සභා ඡන්දයේදී රහස් ඡන්දය ඉල්ලා දඟලමින් කොතරම් කලබලයක් කළාද කියල රටේ ජනතාවට පැහැදිලිව දැක ගන්න ලැබුණු බවත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් කළ හැකි දෙයක් ඇත්දැයි සොයා බලන බවත් හෙතෙම පැවසීය