අපි පැරදුණේ රහස් ඡන්දයට ගිය නිසයි -සජබ පුරපති අපේක්ෂක රීසා සාරුක්

අපි පැරදුණේ රහස් ඡන්දයට ගිය නිසයි -සජබ පුරපති අපේක්ෂක රීසා සාරුක්

ආණ්ඩු බලය තියා­ගෙන සැල­සු­ම්ස­හ­ග­තව කොළඹ නගර සභාවේ බලය ලබා ගැනී­මට ජාතික ජන බල­වේ­ගය කට­යුතු කළ බව කොළඹ නාග­රික මන්ත්‍රී රීසා සාරුක් මහතා පැවැ­සීය. කොළඹ නගර සභාවේ මංගල රැස්වී­මෙන් අන­තු­රුව ඊයේ (16) මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය. කොළඹ නගර සභාවේ නග­රා­ධි­පති ධුරය සඳහා ජාතික ජන බල­වේ­ග­යෙන් ව්‍රායි බල්ත­සාර් මහ­ත්මිය සමඟ තරග කළ ප්‍රති­වාදී අපේ­ක්ෂ­කයා වූයේ සමගි ජන බල­වේ­ගයේ නාග­රික මන්ත්‍රී රීසා සාරුක් මහ­තායි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ඡන්ද 61යි 54කින් අප පරාද වුණා. යම් යම් පක්ෂ අපිත් එක්ක එක­ඟ­ත්ව­ය­කට ඇවිල්ල තිබුණා. ආණ්ඩු බලය තියා­ගෙන සැල­සු­ම්ස­හ­ග­තව මේ අය රහස් ඡන්ද­ය­කට ගියා. අපි පුන පුනා කියද්දී පළාත් පාලන කොම­සා­රි­ස්ව­රිය රහස් ඡන්ද­ය­කට ගියා. එතු­මිය මුලින් කිව්වේ පනත අනුව විවෘත ක්‍රම­යට සහ රහස් ක්‍රම­යට මැති­ව­ර­ණය පව­ත්වන්න පුළු­වන් කිය­ලයි. යෝජනා දෙකම ඉදි­රි­පත් වූ අව­ස්ථාවේ දී මොන ක්‍රම­යද කියලා තෝරන්න ඕනේ සභාවේ වැඩි බහු­ත­ර­ය­කින්. නමුත් එතු­මිය ඒකා­ධි­පති ස්වරූ­ප­යෙන් රහස් ඡන්ද­යක් තියන්න තීර­ණය කළා. නමුත් අව­සා­නයේ අපිට එකඟ වෙන්න සිද්ධ වුණා. ආණ්ඩු බල­යත් එක්ක යම් දෙයක් සිදු­වුණා කියලා අපිට තේරෙ­නවා. රහස් ඡන්ද­ය­කට යනවා කියන තැනම අපිට සැක­යක් මතු වුණා

Search