අප රට විවිධ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවේ රටට අවශ්‍ය සංවර්ධනය සහ සේවාව අවශ්‍ය බවත් ප්‍රශ්න හා ගැටලුවලට විසදුම් අවශ්‍ය බවත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා මේ ගැටලු විසඳිය හැකි බවත් M.H. මොහොමඩ් මහතා සැම මොහොතකම සංවර්ධනය මුලික කර ගත් බවත් අධ්‍යාපනය සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනැංවීම වෙනුවෙන් ඒවා මුලික හා මානව අයිතිවාසිකම් ලෙස සලකා විශාල සේවාවක් ඉටු කළ බවත් මිනිසා ජීවත් කරවීමේ ගමනේ මුලික පදනම හඳුනාගෙන විශිෂ්ට සේවාවක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ M.H. මොහොමඩ් මහතාගේ 104 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ පැවැති උත්සවයක් අමතමිනි.*
දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා සහ M.H. මොහොමඩ් මහතා දේශපාලන සමකාලීන් ලෙස මෙරට දේශපාලනයේ පරිවර්තනයක් කරන්න ශක්තිය දුන් බවත් නගරාධිපතිවරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඇමතිවරයකු හා කතානායකවරයකු ලෙස බොරැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන දැවැන්ත සේවාවක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙතුමාගේ චරිතය දෙස බලන විට එතුමා සංවේදී අයකු බවත් පොදුජන දුකට හඩට ජනතා මතයට ඇහුම්කන් දුන් අයකු බවත් බිම්මටම නියෝජනය කළ අයකු බවත් කුමන තනතුරක් ලැබුවත් ජනතා හඬ අමතක කර නොමැති බවත් ජනතාවට ලැබු අවස්ථාවන් අහිමි නොකළ බවත් ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම සෘජුව තීන්දු ගත් මෙතුමා කෙළින් තීන්දු ගත් ජනතාවාදී නායකයකු බවත් සෑම මොහොතකම පොදු ජනයා සමග සිටි බවත් කිසිදු අවස්ථාවක තමන්ට ලැබු තාන්න මාන්න මුල් කර ගෙන කටයුතු කළ බවත් ජාතික ඒකාග්‍රතාව ජාතින් ආගම් ජනකොට්ඨාස අතර විවිධ බෙදීම් කොටස් කිරීම් හා අනවශ්‍ය හැලහැප්පීම් සිදුවු කාලයේ සාමය එකමුතුභාවය වෙනුවෙන් සහජීවනය මිත්‍රශීලීත්වය ප්‍රගුණ කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද 60 දශකයේ අග භාගයේ මහල් නිවාස සංකල්පය වෙනුවෙන් සුවිශාල සහයෝගයක් දුන් බවත් මාලිගාවත්තෙන් ආරම්භවූ ඓතිහාසික නිවාස සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගන්න සුවිශාල මෙහෙයක් ඉටු කළ බවත් ගම් උදා වැඩපිළිවෙළ වැඩි දියුණු කරන්නට නව අදහස් යෝජනා පවා ඉදිරිපත් කර සහයෝගය දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටක පුරවැසියන් වීමේ අයිතිවාසිකම අහිමිවු පලස්තීන ජනතාව වෙනුවෙන් ඉහළ හඬක් නැගු බවත් ඒ ගමනේ පුරෝගාමීව කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතාට විශාල සහයෝගයක් දුන් බවත් එක්සත් ජාතීන්ගේ යෝජනා 242, 338 අනුව රටවල් දෙකක් සාමකාමීව ක්‍රියාත්මක වියයුතු බවත් ඒ වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස මහතා සෘජුව සිටගන්නා විට මෙතුමාද එතුමා සමග අත්වැල් බැදගත් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය