පඬුවස්නුවර සහ මිනිපේ ප්‍රදේශීය සභා බලය මාලිමාවට

පඬුවස්නුවර සහ මිනිපේ ප්‍රදේශීය සභා බලය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී බහුතර බලයක් හිමි නොවූ පඬුවස්නුවර සහ මිනිපේ ප්‍රදේශීය සභාවල බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය අද සමත් වුණා. 

 
පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හැකිවූයේ සර්ව ජන බලය අපේක්ෂකයාට ඡන්දය දීමට අවස්ථාව නොලැබීම හේතුවෙන්. 
 
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඉදිරිපත් වූ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට 50%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ඡන්ද විමසීම අද දිනයේත් පැවැත්වුණා. 
 
පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 38 දෙනෙකු තෝරා ගත් අතර ජාතික ජන බලවේගයට සභිකයින් 19 දෙනෙකු හිමිවූ අතර විපක්ෂයේ පක්ෂ අතර බෙදී ගිය සභික සංඛ්‍යාවද 19ක්. 
 
 
ඒ අනුව අද පඬුවස්නුවර ප්‍රදේශීය සභාවේ බලය පිහිටුවන පක්ෂය හෝ කණ්ඩායම තොරා ගැනීමට සිදුවුණේ රහස් ඡන්දයකින්. 
 
කෙසේ වෙතත් එම අවස්ථාවේදී එම ප්‍රාදේශීය සභාවට සර්ව ජන බලයෙන් තේරී පත්වූ සභිකයාගේ නම ගැසට් කර නැති බව පවසමින් එම මන්ත්‍රීවරයාව සභාවෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා. 
 
පසුව රහස් ඡන්ද විමසීම පැවැති අතර ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරයට තරග කළ සභිකයාට ඡන්ද 19ක් ලබා ගත් අතර සමගි ජන බලවේගයෙන් තරඟ කළ සභිකයාට ඡන්ද 18ක් හිමි වුණා. 
 
මේ අතර මිනිපේ ප්‍රදේශීය සභාවේ බලය පිහිටුවන පක්ෂය හෝ කණ්ඩායම තොරා ගැනීම වෙනුවෙන් අද එම සභිකයින් රැස්වූ අතර එහිදී සභිකයින් 23දෙනෙකු ප්‍රාදේශීය සභාවට තේරී පත්වුණා. 
 
එහිදී ජාතික ජන බලවේගයට සභිකයින් 11 දෙනෙකු තේරුණු අතර විපක්ෂයට සභිකයින් 12 දෙනෙකු තේරී පත් වුණා. 
 
ඒ අනුව ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ සභිකයාට එක්සත් ජාතික පෙරමුණ සහය දක්වනු ලැබුවා. 
 
ඒ අනුව ඡන්ද 12ක් ලබා ගත් ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා සභාපතිවරයා වූ අතර සමගි ජන බලවේගයෙන් සභාපති ධුරයට තරඟකළ අපේක්ෂකයාට හිමුවුණේ ඡන්ද 10ක් පමණයි. 
 
සර්ව ජන බලය මෙහිදී ඡන්දය දීමෙන් වැලකී ස්වාධිනව කටයුතු කළා

Search