හොරාගේ අම්මගෙන් පේන අහන්නේ නැතිව පරීක්ෂා නොකර නිදහස් කළ බහලුම් ගැන සත්‍ය තොරතුරු අනාවරණය කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

හොරාගේ අම්මගෙන් පේන අහන්නේ නැතිව පරීක්ෂා නොකර නිදහස් කළ බහලුම් ගැන සත්‍ය තොරතුරු අනාවරණය කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පසුගිය ජනවාරි මාසයේ රේගුව විසින් රතු අවදානම් සහිත බහලුම් 323ක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කිරිම ගැන බරපතල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මෙම චෝදනාව මුලින්ම ගෙන ආවේ දේශපාලනඥයන් නොව රේගු වෘත්තීය සමිති සන්ධාය බවත් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය ජ්‍යෙෂ්ඨ රේගු අධිකාරීවරුවන් ඇතුළු රේගුව නියෝජනය කරන බහුතර කණ්ඩායම් මෙම චෝදනාව ඉදිරිපත් කළ බවත් පැහැදිලිව කඩිමුඩියේ දින කිහිපයක් තුළ අධි අවදානම් බහලුම් නිදහස් කර ඇති බවත් එහි දී නිසි ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 
මෙම ⁣බහලුම් නිදහස් කිරීම තුළ රටට ලැබිය යුතු ආදයම් අහිමි වීම, තහනම් භාණ්ඩ මුදා හැරිම මෙන්ම කෘතීම ගැටලුවක් ඇතිව තිබෙන බවත් මීට පෙර දණ්ඩනයට ලක්වු කණ්ඩායම්වල බහලුම් ද ඇති බවත් මේ ගැන රජයෙන් ප්‍රතිචාර නොමැති බවත් කමිටු පත් කර පර්යේෂණ කරනවා කිව්වත් තවමත් කිසිවක් ⁣සිදු නොවන බවත් මෙම පරීක්ෂණයේ විනිවිදභාවය ගැන ගැටලු ඇති බවත් මේ ගැටලුව ගැන රජය වගවීම සහ වගකීම සිිදු කළ යුතු වුවත් ජනාධිපතිවරයා සහ රජය වගකීමෙන් හා වගවීමෙන් තොර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 
මේ බහලුම්වලට සම්බන්ධ ව්‍යාපාරිකයන් දුන් තොරතුරු  ගැන විශ්වාස බවත් රේගුවෙන් 60%ක් පමණ පරීක්ෂා නොකරන බව පවසන බවත් මේ බහලුම් නිෂ්කාශනයේ බරපතළ ගැටලු රැසක් ඇති බවත් මෙය හොරකම නැති කරන්න නොව හොරකම බිහි කරන බවත් දූෂිතයන්⁣ එම දූෂණ ක්‍රියාවලියෙන් වළක්වා ගැනීම නොව දූෂණයට පෙළඹවීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
 
බහලුම් පරීක්ෂා කරන උපකරණවලට කෝටි ගණන් වියදම් කර අද 60%ක් බහලුම් පරීක්ෂා නොකරන බවත් මේ බහලුම්වල අන්තරාදායක දේවල් නොමැති බවට පරීක්ෂා නොකර ⁣කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙය දැඩි කතාබහට ලක්ව ඇති බවත් සමහරු කියන ආකාරයට මේ යුද ආම්පන්න මත්ද්‍රව්‍ය ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ පැහැදිලිවම ජාතික ආරක්ෂාවට බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 
එම නිසා මාස ගණනාවක් ගතව නිසි පරික්ෂණයකින් තෙරව මෙම බහලුම් නිදහස් කිරීම ගැන අහක නොබලා විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් මේ ගැන හොරාගේ අම්මගෙන් පේන අහන ක්‍රමයෙන් බැහැර වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.
 

Search