පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළැයි එම බැංකුවේම නිලධාරිනියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මාණ්ඩලික සහකාර නිලධාරිනියක් සහ කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනෙක්
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් තිදෙනා උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100 ක වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ,
අඩු අගයක් සහිත රන් භාණ්ඩ බැංකුවට උකස් කරලා සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනුණ බවයි.
මාණ්ඩලික සහකාර නිලධාරිනිය ලෙස සේවය කළ 36 හැවිරිදි සැකකාරිය පානදුර බෙත්තේගම පුන්සරාවත්ත පාර නිවසේ දී ද 37 හැවිරිදි කනිෂ්ඨ විධායක නිලධාරිනියක් වාද්දුවේ තල්පිටිය දකුණ, දළදාවත්ත පාර නිවසේදීද අත්අඩංගුවට ගෙන තිබේ.