කොරෝනා රට තුළ පැතිරිලාද? යළි රට වහන්න වෙයිද? – ආණ්ඩුවේ තීරණය අද

කොරෝනා රට තුළ පැතිරිලාද? යළි රට වහන්න වෙයිද? – ආණ්ඩුවේ තීරණය අද

රට තුළට ඇතුළු වී ඇති නව කොවිඩ් ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිරන්තර සාකච්ඡාවක නිරත වන බවයි

අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රටින් වාර්තා වන කොවිඩ් රෝගීන් සහ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී රට හමුවේ තොරතුරු හෙළි කරනු ඇති බවයි

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ, විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවේ රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි

Search