කරාපිටියෙන් කෝවිඩ් මරණයක් මියගොස් ඇත්තේ බිළිඳේක්

කරාපිටියෙන් කෝවිඩ් මරණයක් මියගොස් ඇත්තේ බිළිඳේක්

කොවිඩ් වයිරසය ආසාදනය වූ මාස එකහමාරක පමණ වයසැති ළදරුවෙකු ගාල්ල කරාපිටිය ජාතික රෝහලේදී මිය ගොස් ඇත.

දරුවා මුලින් රෝහලට ඇතුළත් කර තිබුණේ සෙම සහ වෙනත් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමටය.

ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මරණයෙන් පසු සිදු කරන ලද පරීක්ෂණ සඳහා දරුවාගේ සෙම පටක කොළඹ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර තිබූ අතර, එහි ප්‍රතිඵල අනුව දරුවා මරණයට පත් වන විට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබූ බව තහවුරු වී ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් දැනට රෝහලේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂක පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, සෞඛ්‍ය අංශ මගින් අවශ්‍ය පසුවිපරම් කටයුතු සිදු කරමින් පවතින බවත් වාර්තා වේ.

මෙම ආසාදනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දිගටම සිදු කරන බවත්, මහජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන බවත් රෝහල් ප්‍රකාශක පවසයි.