සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම් සඳහා අනුබල දෙන්නන්ගේ දේපළ රාජ සන්තක කිරීම සඳහා පොලිසිය මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වනවා.
ඔවුන් සඳහා වන නඩු විභාග අවසන් වන තෙක් මෙම දේපළ තහනම් කිරීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවයි පැවසෙන්නේ.
ඒ අනුව නඩු විභාගයෙන් අනතුරුව ලැබෙන අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු එම දේපළ සම්බන්ධයෙන් ගැනීමට නියමිතව ඇත.