IMF නිසා VAT බද්ද අඩු කරන්න බෑ සුනිල් හදුන්නිත්ති කියයි

IMF නිසා VAT බද්ද අඩු  කරන්න බෑ සුනිල් හදුන්නිත්ති කියයි

අපනයන ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි අපනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එමගින් දේශීය සීනි කර්මාන්තශාලා වල ආදායම ඉහළ නංවා සේවකයන් සහ සීනි වගාකරුවන් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි සඳහා 18% ක වැට් බද්දක් අය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසියක් ලෙස වන අතර, ආනයනික සුදු සීනි වැට් බද්දෙන් නිදහස් කර ඇති බවයි.

දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි කිලෝවක් කර්මාන්තශාලාවෙන් රුපියල් 236 ක් වන බවත්, ආනයනික සුදු සීනි කිලෝවක් රේගුවේදී රුපියල් 132 ක් වන අතර රුපියල් 50 ක බද්දක් පනවන නමුත් වැට් බද්දක් පනවා නොමැති බවත්, වැට් බද්ද අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් කිහිප වතාවක් ඉල්ලීම් කළද IMF කොන්දේසි නිසා එය කළ නොහැකි වූ බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම වැට් බද්ද අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් කිහිප වතාවක් ඉල්ලීම් කළද IMF කොන්දේසි නිසා එය කළ නොහැකි වූ බවත්,සීනි කර්මාන්තශාලා, ඒවායේ සේවකයන් සහ සීනි වගාකරුවන් ආරක්ෂා කිරීම සඳහා කර්මාන්තශාලා වල ආදායම ඉහළ නැංවීමට විකල්ප සොයමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා.

 

මේ ආතර දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි වල ඉහළ කාබනික ප්‍රතිශතයක් අඩංගු වන බැවින් ආදායම් ඉපැයීමේ එක් විකල්පයක් ලෙස සීනි අපනයනය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේ.